(2009 දෙසැම්බර් 10) ධනවත් රටවල් ඔවුන්ගේ රටවල ගොවි සහනාධාර විශාල වශයෙන් කප්පාදු කිරීමට එකඟ නොවනතාක් ගෝලීය වෙළෙඳ ගිවිසුමක් බිහි නොවනු ඇතැයි ඉන්දියාව ප්‍රකාශ කැර තිබේ.
මේ බව ප්‍රකාශ කරන ඉන්දීය වාණිජ කටයුතු ඇමති ආනන්ද්ෂර්මා, යුරෝපා සංගමය එක්සත් ජනපදය හා කැනඩාව යන රටවල් ඔවුන්ගේ ගොවීන්ට සහනාධාර ලබාදීම දෝෂදර්ශනයට ලක්කළේ සංවර්ධනය වන රටවල ගොවීන් සමඟ සමතත්ත්වයකින් කටයුතු කිරීම ඔවුන් පිළිකෙව් කැර ඇතැයි පවසමිනි.
ධනවත් රටවල ක්‍රියාත්මක සහනාධාර ක්‍රමය පවත්නාතුරු එකඟතාවක් ඇති කර ගැන්මට නොහැකිවන හෙයින් ඔවුන් අවම වශයෙන් 70% ක කප්පාදුවක් හෝ සිදුකළ යුතුව ඇතැයි ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.
එක්සත් ජනපදය හා සංවර්ධිත සෙසු රටවල් පවසන්නේ ඔවුන්ගේ රටවල ගොවි සහනාධාර කප්පාදුව සිදුකිරීමට නම් සංවර්ධනය වන රටවල වෙළෙඳපළ සංවර්ධිත රටවල කාර්මික නිෂ්පාදන සඳහා විවෘත කළ යුතු බවය. ලෝක වෙළෙඳ සංවිධාන සාකච්ඡාවල දී සංවර්ධනය වන රටවලට නායකත්වය දෙන ඉන්දියාව ඇතුලු සෙසු රටවල් තම ඉල්ලීමට පූර්ණ සහයෝගය ලබා දෙන බවද ෂර්මා කීවේ ය.
2008 ජූලි මස බිඳ වැටුනු දෝහා සංවර්ධන වටයේ සාකච්ඡා යළි පණගැන්වීමට ඉන්දියාව ප්‍රයත්න දරයි.
(දිනමිණ)

5:44 AM
Ajith
Posted in