Showing posts with label සක්‍රිය කාබන්. Show all posts
Showing posts with label සක්‍රිය කාබන්. Show all posts

Thursday, July 2, 2009

ඉවත දමන පොල්කටුවෙන් ඩෙංගු වෙනුවට සක්‍රිය කාබන්

Tiptur Coconut Plantation.Image via Wikipedia
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ඉවත ලන පොල් කටුවලින් සක්‍රීය කාබන් මෙට්‍රික්‌ ටොන් 32000ක්‌ පමණ නිපදවා එමගින් රුපියල් මිලියන 4200ක්‌ පමණ ආදායමක් ඉපැයිය හැකිව තිබෙන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී විරසිංහ මහතා පැවසී යෑයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙයි.
පොල්කටු අඟුරුවලින් සකස්‌ කරන සක්‍රීය කාබන්  ජල පවිත්‍රකාරකයක්‌, රත්රන් නිස්‌සාරකයක්‌, සහ විෂ උරා ගන්නා අමුද්‍රව්‍යයක්‌ වශයෙන් ලෝකයේ බොහෝ රටවල පිළිගැනේ.

ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව සක්‍රීය කාබන් මෙට්‍රික්‌ ටොන් 15000ත් 20000ත් අතර ප්‍රමාණයක්‌ අපනයනය කෙරෙන අතර නිවෙස්වලින් ඉවත දමන පොල්කටු එකතු කිරීමට ක්‍රමයක් ඇතොත් සක්‍රිය කාබන් නිෂ්පාදනය හා අපනයනය තවත් ඉහළ නැංවිය හැකිය.
ශ්‍රී ලංකාවේ සක්‍රීය කාබන් නිපදවන ආයතන 7ක්‌තිබේ.
Reblog this post [with Zemanta]


Twitter Delicious Facebook Digg Favorites More