Showing posts with label සෝයා බෝංචි. Show all posts
Showing posts with label සෝයා බෝංචි. Show all posts

Friday, January 8, 2010

ත්‍රිපෝෂ හදන්න සෝයා බෝංචි මෙතෙක් ගෙන්වා තිබෙන්නේ පිටරටින්


(2009 ජනවාරි 08) ත්‍රිපෝෂ නිෂ්පාදන වැඩසටහන් යටතේ ඊට අවශ්‍ය සෝයා බෝංචි මෙට්‍රික්‌ටොන් දෙදහසක්‌ දේශීයව ලබා ගැනීමට අදාළ කැබිනට්‌ පත්‍රිකාවක් සෞඛ්‍ය හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් 2010 ජනවාරි 07දා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

වී ගොවිතැනට විකල්ප ලෙස සෝයා බෝංචි වගා කිරිම පසුගිය කාල පරිච්ඡේදයේදී ලංකාවේ රජය විසින් ප්‍රවර්ධනය කරන ලදී. 


එහෙත් අස්වනු අලෙවි කර ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් වගාව සීමා විය. 


අවශ්‍ය ප්‍රමාණය වගා කර ගැනීමේ හැකියාව තිබියදීත් ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා සෝයා බෝංචි මෙතෙක් කලක් තිස්සේ ආනයනය කරන ලදී. 


ත්‍රිපෝෂවලට අමතරව, සෝයා මීට් හා සෝයා අයිස්ක්‍රීම් ලෙස ද සෝයා බෝංචි ලංකාවේ බහුලව ආහාරයට ගනු ලැබේ. සෝයා ප්‍රෝටීන්වලින් සරු රනිල භෝගයකි.


Twitter Delicious Facebook Digg Favorites More