Monday, October 12, 2009

නව කුරුඳු ප්‍රභේද 2ක් සොයා ගැනේ



වැඩි අස්වැන්නක් ලබාදෙන නව කුරුඳු ප්‍රභේද දෙකක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සොයාගෙන තිබේ.

එහි පර්යේෂණ ආයතනය මඟින් වසර ගණනාවක සිට කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් ‘ශශ්‍රී විජය’ සහ ‘ශ්‍රී ගැමුණු’ නමැති නව ප්‍රභේද දෙක සොයාගෙන තිබේ.

මේ නව ප්‍රභේද දෙක පැණි මිරිස් කුරුඳු වර්ගයට අයත් වන බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ඩී. එල්. ගුණරත්න මහතා පවසයි. ‘ශ්‍රී ගැමුණු’ කුරුඳු ප්‍රභේදයේ කුරුඳු පොතු අස්වැන්න හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 1100ක් ලබාගැනීමට හැකි බවත් ‘ශශ්‍රී විජය’ කුරුඳු ප්‍රභේදයේ හෙක්ටයාරයකට කිලෝ 1300ක් ලබාගත හැකි බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියි.

වර්තමානයේදී සාමාන්‍යයෙන්
Publish Post
හෙක්ටයාරයකට ලබාගත හැකි කුරුඳු පොතු ප්‍රමාණය කිලෝ 500ක් වන අතර ඊට වඩා දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක අස්වැන්නක් ලබාගැනීමට හැකිවීම වඩාත් වාසිදායක වන බවත් හෙතෙම පවසයි.


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Favorites More