Showing posts with label කෙසෙල්. Show all posts
Showing posts with label කෙසෙල්. Show all posts

Friday, August 7, 2009

නැඟෙනහිර ඉඩම් කෙසෙල් වවන්න ජපන් සමාගමකට

(2009 අගෝස්තු 07 ) නැගෙනහිර පළාතේ ගොවි ජනයා බරපතල ඉඩම් හිඟයකින් පීඩා විඳිද්දී අක්කර 35,000ක් පෞද්ගලික සමාගමකට කෙසෙල් වගාව සඳහා ලබා දීමට සැරසෙන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද දින පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.

මෙකී සමාගම ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන ජපන් සමාගමකි. එම සමාගමට කන්තලේ ප්‍රදේශයෙන් ඉඩම් ලබා දීමට යන්නේ දීර්ඝකාලීන බදු පදනමක් යටතේ ය.

මෙයට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයා ප්‍රකාශ කළේ ලබා දීම සඳහා සලකා බලමින් ඇත්තේ අක්කර 15,000ක් පමණක් බවයි. දැනට අක්කර 7500ක් වෙන් කර ඇති බව ඔහු පැවසීය.

ජාතිය ගොඩනැඟීමේ අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ ප්‍රකාශ කළේ මෙම ඉඩම් දැනට භාවිතයට නොගැනෙන ඒවා බවයි.

පළාත් සභා සතු ඉඩම් බලතල උල්ලංඝනය කරමින් මධ්‍යම රජය විසින් මෙම ව්‍යාපෘතිය අරභයා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව නැ‍ඟෙනහිර පළාත් සභාවේ පක්ෂ විපක්ෂ දෙපාර්ශවයේම විරෝධයට තුඩු දී තිබේ.


Friday, July 3, 2009

කෙසෙල් වවන්න නැගෙනහිර ඉඩම් පෞද්ගලික අංශයට

A banana tree on Banana Island in Luxor, Egypt.Image via Wikipedia

(2009 ජුලි 09) නැඟෙනහිර නවෝදය වැඩපිළිවෙළ යටතේ සංවර්ධනය වන භූමියෙන් අක්කර 15,000ක් කෙසෙල් වගාව සඳහා යෙදවීමටත්, ඉන් අක්කර 10,000ක් පෞද්ගලික සමාගමකට පැවරීමටත් ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප‍්‍රවර්ධන, තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට 2009 ජුලි 02දා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

Reblog this post [with Zemanta]


Twitter Delicious Facebook Digg Favorites More