Showing posts with label නැඟෙනහිර පළාත. Show all posts
Showing posts with label නැඟෙනහිර පළාත. Show all posts

Thursday, September 3, 2009

නැඟෙනහිර ඉඩම් කොම්පැනිවලට

(2009 සැප්තැම්බර් 03) විවිධ දේශීය ව්‍යාපාරිකයන් විසින් යුද්ධයෙන් පසුව නැඟෙනහිර පළාතේ ඉඩම් ව්‍යාපාරික කෘෂිකර්මාන්තය හා සංචාරක ව්‍යාපාර වෙනුවෙන් ඉල්ලා සිටිමින් තිබෙන බව එම පළාතේ ඉඩම් කොමසාරිස් එච්.එම්. යසරත්න පවසයි. 


එක් සමාගමක් බඩඉරිඟු වැවීම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාවෙන් අක්කර 400ක් ඉල්ලා ඇති අතර තවත් පුද්ගලයන් 34දෙනෙක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලිහි සංචාරක ව්‍යාපාර සඳහා ඉඩම් අයදුම් කර ඇති බව ඔහු පවසයි. 

මෙම පළාතේ ගොවි, ධීවර හා වෙනත් රැකියාවල නියුතු ජනතාව උග්‍ර ඉඩම් හිඟයකට මුහුණ දී ඇතත් එම ජනයාට ඉඩම් ලබා දීම සඳහා නම් මෙවැනි අයදුම්පත් කැඳවීමක් කර නොමැති බව දැන ගන්නට තිබේ.


Twitter Delicious Facebook Digg Favorites More