Showing posts with label ඉඩම්. Show all posts
Showing posts with label ඉඩම්. Show all posts

Sunday, September 6, 2009

රජයේ ඉඩම් අක්‌කර දහදාහක්‌ අනවසරයෙන් අත්පත් කර ගෙන

ප්‍රියදර්ශන ලියනගේ (දිවයින 2009 සැප්තැම්බර් 06)

රට පුරා පිහිටි මහා පරිමාණ මධ්‍යම පරිමාණ හා සුළු පරිමාණ වැව් වලට අයත් රක්‍ෂිත ඉඩම් අක්‌කර දහදාහක්‌ පමණ විවිධ පුද්ගලයන් විසින් නීති විරෝධී ලෙස අත්පත් කර ගෙන ඇතැයි ඉඩම් අමාත්‍යාංශය මගින් ගොවි ජනපද ආශ්‍රිතව සිදු කරන ලද සමීක්‍ෂණයක්‌ මගින් අනාවරණය කොට ගෙන ඇත.

මේ සඳහා ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ හා රජයේ නිලධාරීන්ගේ සහයෝගය සෘජු හා වක්‍ර ආකාරයෙන් ලැබී ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජීවන් කුමාරතුංග මහතා "දිවයින ඉරිදා සංග්‍රහයට" පැවසීය.

මෙලෙස වැව් රක්‍ෂිත ප්‍රදේශ විවිධ පුද්ගලයන් විසින් නීති විරෝධී ලෙස අත්පත් කර ගෙන රක්‍ෂිත ප්‍රදේශ තුළ පිහිටි වටිනා ගහකොළ කපා දමා ජල පෝෂක ප්‍රදේශ විනාශ කිරීම නිසා රජ රට ප්‍රදේශය ඇතුළු රට පුරා පිහිටි වැව් ගණනාවක ජල මට්‌ටම විශාල වශයෙන් පහත වැටී ඇත. මේ හේතුවෙන් කෘෂිකර්මාන්තය තම ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කොටගත් ගොවිජනපද තුළ පදිංචි ගොවි පවුල් දහස්‌ ගණනකට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී තිබේ.


Thursday, September 3, 2009

නැඟෙනහිර ඉඩම් කොම්පැනිවලට

(2009 සැප්තැම්බර් 03) විවිධ දේශීය ව්‍යාපාරිකයන් විසින් යුද්ධයෙන් පසුව නැඟෙනහිර පළාතේ ඉඩම් ව්‍යාපාරික කෘෂිකර්මාන්තය හා සංචාරක ව්‍යාපාර වෙනුවෙන් ඉල්ලා සිටිමින් තිබෙන බව එම පළාතේ ඉඩම් කොමසාරිස් එච්.එම්. යසරත්න පවසයි. 


එක් සමාගමක් බඩඉරිඟු වැවීම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාවෙන් අක්කර 400ක් ඉල්ලා ඇති අතර තවත් පුද්ගලයන් 34දෙනෙක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලිහි සංචාරක ව්‍යාපාර සඳහා ඉඩම් අයදුම් කර ඇති බව ඔහු පවසයි. 

මෙම පළාතේ ගොවි, ධීවර හා වෙනත් රැකියාවල නියුතු ජනතාව උග්‍ර ඉඩම් හිඟයකට මුහුණ දී ඇතත් එම ජනයාට ඉඩම් ලබා දීම සඳහා නම් මෙවැනි අයදුම්පත් කැඳවීමක් කර නොමැති බව දැන ගන්නට තිබේ.


Twitter Delicious Facebook Digg Favorites More