Sunday, August 30, 2009

1987දී නීතිගත කළ ජාතික ඉඩම් කොමිෂන් සභාව තවමත් නැහැ

(2009 අගෝස්තු 30) 1987දී ගෙන එන ලද 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය මගින් යෝජනා කර ඇති ජාතික ඉඩම් කොමිෂන් සභාව විසි දෙවසරකට පසු පිහිටුවීමට රජය තීරණය කර ඇත.

මධ්‍යම රජයත් - පළාත් සභාත් අතර ඉඩම් බලතල සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුවලට තිරසාර විසඳුම් ලබාදීම මෙහි අරමුණ බව ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජීවන් කුමාරතුංග මහතා අද "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය.

මධ්‍යම රජයත් - පළාත් සභාත් අතර ඉඩම් බලතල සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම ගැටුම් පැවැති අතර වත්මන් පාලනය යටතේ තත්වය තීව්‍ර වී තිබේ. 



නැඟෙනහිර පළාතේ රජයේ ඉඩම් අක්කර 15,000ක් කෙසෙල් වගාවකට පෞද්ගලික සමාගමකට බදු දීමට මධ්‍යම රජය කටයුතු කිරීම හේතුවෙන් මැතදී ද එම පළාත් සභාව හා මධ්‍යම රජය අතර ගැටුමක් ඇති විය.


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Favorites More