Showing posts with label ජාතික ඉඩම් කොමිෂන් සභාව. Show all posts
Showing posts with label ජාතික ඉඩම් කොමිෂන් සභාව. Show all posts

Sunday, September 6, 2009

රජයේ ඉඩම් අක්‌කර දහදාහක්‌ අනවසරයෙන් අත්පත් කර ගෙන

ප්‍රියදර්ශන ලියනගේ (දිවයින 2009 සැප්තැම්බර් 06)

රට පුරා පිහිටි මහා පරිමාණ මධ්‍යම පරිමාණ හා සුළු පරිමාණ වැව් වලට අයත් රක්‍ෂිත ඉඩම් අක්‌කර දහදාහක්‌ පමණ විවිධ පුද්ගලයන් විසින් නීති විරෝධී ලෙස අත්පත් කර ගෙන ඇතැයි ඉඩම් අමාත්‍යාංශය මගින් ගොවි ජනපද ආශ්‍රිතව සිදු කරන ලද සමීක්‍ෂණයක්‌ මගින් අනාවරණය කොට ගෙන ඇත.

මේ සඳහා ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ හා රජයේ නිලධාරීන්ගේ සහයෝගය සෘජු හා වක්‍ර ආකාරයෙන් ලැබී ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජීවන් කුමාරතුංග මහතා "දිවයින ඉරිදා සංග්‍රහයට" පැවසීය.

මෙලෙස වැව් රක්‍ෂිත ප්‍රදේශ විවිධ පුද්ගලයන් විසින් නීති විරෝධී ලෙස අත්පත් කර ගෙන රක්‍ෂිත ප්‍රදේශ තුළ පිහිටි වටිනා ගහකොළ කපා දමා ජල පෝෂක ප්‍රදේශ විනාශ කිරීම නිසා රජ රට ප්‍රදේශය ඇතුළු රට පුරා පිහිටි වැව් ගණනාවක ජල මට්‌ටම විශාල වශයෙන් පහත වැටී ඇත. මේ හේතුවෙන් කෘෂිකර්මාන්තය තම ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කොටගත් ගොවිජනපද තුළ පදිංචි ගොවි පවුල් දහස්‌ ගණනකට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී තිබේ.


Sunday, August 30, 2009

1987දී නීතිගත කළ ජාතික ඉඩම් කොමිෂන් සභාව තවමත් නැහැ

(2009 අගෝස්තු 30) 1987දී ගෙන එන ලද 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය මගින් යෝජනා කර ඇති ජාතික ඉඩම් කොමිෂන් සභාව විසි දෙවසරකට පසු පිහිටුවීමට රජය තීරණය කර ඇත.

මධ්‍යම රජයත් - පළාත් සභාත් අතර ඉඩම් බලතල සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුවලට තිරසාර විසඳුම් ලබාදීම මෙහි අරමුණ බව ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජීවන් කුමාරතුංග මහතා අද "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය.

මධ්‍යම රජයත් - පළාත් සභාත් අතර ඉඩම් බලතල සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම ගැටුම් පැවැති අතර වත්මන් පාලනය යටතේ තත්වය තීව්‍ර වී තිබේ. 



නැඟෙනහිර පළාතේ රජයේ ඉඩම් අක්කර 15,000ක් කෙසෙල් වගාවකට පෞද්ගලික සමාගමකට බදු දීමට මධ්‍යම රජය කටයුතු කිරීම හේතුවෙන් මැතදී ද එම පළාත් සභාව හා මධ්‍යම රජය අතර ගැටුමක් ඇති විය.


Twitter Delicious Facebook Digg Favorites More