Wednesday, June 24, 2009

සිංහල පිටුව

ඉඩම් කොල්ලයට එරෙහි ආසියානු ගොවි තවලම

ආසියානු හා අප‍්‍රිකානු රාජ්‍යන්ගේ කෘෂිකාර්මික ඉඩම් පැහැර ගැනීමට එරෙහිව ආසියානු ගැමි ගොවි සංධානය (APC) මෙහෙයවන ගොවි තවලම මේ වසරේ ජූලි මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා පැවැත්වීමට ඒ ඒ රටවල ගොවීහු සූදානම් වෙමින් සිටිති.
වැඩිදුර කියවන්න



උතුරේ පුරන් කුඹුරු 5000ක් අස්වද්දනවාලු

(2009 ජුලි 13) උතුරු පළාතේ පුරන්ව ඇති කුඹුරු අක්‌කර 5000 ක්‌ පමණ මේ වසර තුළ නැවත වගා කිරීමට කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවද, මෙම කුඹුරු වගා කිරීම සඳහා අමාත්‍යාංශය රුපියල් මිලියන 75 ක මුදලක්‌ වෙන් කිරීමට සූදානම් වන අතර ගෙවතු වගා වැඩසටහන්, අතිරේක බෝග වගා කිරීම සඳහා ද අවධානය යොමුව තිබෙන බවද එකී අමාත්‍යංශයේ ිලධාරියෙක්‌ පැවසූ බව "දිවයින" වාර්තා කරයි.
වැඩිදුර කියවන්න


රජය සතු ඉඩම් අක්‌කර ලක්‍ෂ 15ක්‌ වසර 40 කදී විවිධ පුද්ගලයන් අයිතිකරගෙන

ප්‍රියදර්ශන ලියනගේ (දිවයින, 2009 ජුලි 11)

සංවර්ධන කටයුතු සඳහා රජය වෙන් කළ ඉඩම්ද ඇතුළුව රජය සතුව පැවැති ඉඩම් අක්‌කර ලක්‍ෂ පහළොවක්‌ පමණ පසුගිය දශක හතරක කාලය තුළ නීති විරෝධී ලෙස විවිධ පුද්ගලයන් විසින් අත්පත්කරගෙන ඇතැයි ඉඩම් අමාත්‍යාංශය මගින් දීප ව්‍යාප්තව සිදුකරන ලද සමීක්‍ෂණයක්‌ මගින් අනාවරණය කොටගෙන ඇත.

වැඩිදුර කියවන්න

මහවැලි අධිකාරියේ මල්වානේගම ගොවිපළ අක්‌කරය රු.575 බැගින් සමාගමකට බදු දීලා - අනුර කුමාර දිසානායක

අජිත් අලහකෝන් - ලසිත දුමින්ද (දිවයින - 2009 ජුලි 10)

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතුව පැවැති අක්‌කර 175 ක තලාව මල්වානේගම ගොවිපළ අක්‌කරය රු.575 බැගින් වූ මුදලකට පෞද්ගලික සමාගමකට බදු දී ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 

වැඩිදුර කියවන්න

උරුම වන භූමි පනත

(දිවයින, 2009 ජුලි 07)
ශ්‍රී ලංකාවේ පරිසරය සුරක්‍ෂිත කිරීම සඳහා පවතින විශාල ප්‍රමාණයක්‌ වූ නීතිරීති මගින් පරිසරයේ ආරක්‍ෂාව වෙනුවෙන් විවිධ පියවරයන් රාශියක්‌ ගෙන තිබේ. 

වැඩිදුර කියවන්න 


කෙසෙල් වවන්න නැගෙනහිර ඉඩම් පෞද්ගලික අංශයට

(2009 ජුලි 09) නැඟෙනහිර නවෝදය වැඩපිළිවෙළ යටතේ සංවර්ධනය වන භූමියෙන් අක්කර 15,000ක් කෙසෙල් වගාව සඳහා යෙදවීමටත්, ඉන් අක්කර 10,000ක් පෞද්ගලික සමාගමකට පැවරීමටත් ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප‍්‍රවර්ධන, තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට 2009 ජුලි 02දා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
වැඩිදුර කියවන්න


ඉවත දමන පොල්කටුවෙන් ඩෙංගු වෙනුවට සක්‍රිය කාබන්

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ඉවත ලන පොල් කටුවලින් සක්‍රීය කාබන් මෙට්‍රික්‌ ටොන් 32000ක්‌ පමණ නිපදවා එමගින් රුපියල් මිලියන 4200ක්‌ පමණ ආදායමක් ඉපැයිය හැකිව තිබෙන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී විරසිංහ මහතා පැවසී යෑයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙයි. 
වැඩිදුර කියවන්න

 


ආහාර අර්බුදයක් නිෂ්පාදනය කිරීම

වෝල්ඩන් බෙලෝ, 2008 මැයි 15
පරිවර්තනය: සඳුන් තුඩුගල පසුගිය වසරේ මෙක්සිකෝවේ දී දස දහස් ගණනක් මිනිසුන් තමන්ගේ ප‍්‍රධානතම ආහාරවල මිල ගණන් 60% කින් ඉහළ යාමට විරෝධය පා වීදි බසිත්දී බොහෝ විශ්ලේෂකයන් විත්තිකරු බවට පත්කළේ ජෛව ඉන්ධන නිෂ්පාදනයයි. ඇමරිකානු රජයේ සහනාධාරයන් නිසා බොහෝ ඇමරිකානු ගොවීන් තමන්ගේ බඩ ඉරිඟු වගාවන් එතනෝල් නිෂ්පාදනය සඳහා යෙදවීමට පෙළඹුනහ. ආහාර සඳහා යොදා ගැනීමට තිබූ බඩ ඉරිඟු ඉන්ධන සඳහා යෙදවීම ආහාර මිල ඉහළ යාමට බලපෑ එක් සාධකයකි. නමුත් බහුජාතික අතරමැදියන් විසින් සම්පේ‍්‍රක්ෂණය කරනු ලැබූ ජෛව ඉන්ධන පිළිබඳ ඉල්ලූම ඊටත් වඩා තීරණාත්මක කාර්යයක් ඉටු කළේය. නමුත් බොහෝ දෙනාට මග හැරුණු වැදගත් ප‍්‍රශ්නයක් ඉතිරිව තිබේ. බඩ ඉරිඟු ප‍්‍රධාන ආහාරයක් වූ මෙක්සිකෝවේ තමන්ගේ ඉඩම් මත ජීවත් වූ ජනතාවට ඇමරිකානු ආනයනයන් මත යැපීමට සිදුව තිබෙන්නේ ඇයි ?
වැඩිදුර කියවන්න


1 comments:

Unknown said...

i like to be a face book newes writer. i am eye srilankan newes.

Post a Comment

Twitter Delicious Facebook Digg Favorites More