Friday, July 17, 2009

ඉඩම් කොල්ලයට එරෙහි ආසියානු ගොවි තවලම

ආසියානු හා අප‍්‍රිකානු රාජ්‍යන්ගේ කෘෂිකාර්මික ඉඩම් පැහැර ගැනීමට එරෙහිව ආසියානු ගැමි ගොවි සංධානය (APC) මෙහෙයවන ගොවි තවලම මේ වසරේ ජූලි මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා පැවැත්වීමට ඒ ඒ රටවල ගොවීහු සූදානම් වෙමින් සිටිති. 

දුගී රටවල සරුසාර කෘෂිකාර්මික ඉඩම් කොම්පැනි සහ එම රටවල රාජ්‍ය පාලකයන්ගේ සහාය ඇතිව කොල්ලකෑමට දරන උත්සාහය වළක්වා ගැනීම මේ තවලමේ ප‍්‍රධාන අරමුණ වේ. 

දැනටම මේ ව්‍යවසනයට ගොදුරු වී ඇති කාම්බෝජය ඉඩම් හෙක්ටයාර් 100,000 ක් ද, ලා ඕසය ඉඩම් හෙක්ටයාර 100,000 ක් ද, වියට්නාමයට ලබා දීමට යන අතර පිලිපීනයෙන් බහරේන් රාජ්‍යයට කර්මාන්ත ස`දහා දෙන ඉඩම් ප‍්‍රමාණය හෙක්ටයාර් 10,000 කි. කටාර් රාජ්‍යයට ලබා දෙන ඉඩම් ප‍්‍රමාණය හෙක්ටයාර් 10,000 කි.  


මීට අමතරව පිලිපීනය චීනයට හෙක්ටයාර්  මිලියන 1.24 ක් ද ඉන්දුනීසියාව සවුදි අරාබියට ඉඩම් හෙක්ටයාර් 500,000 ක් ලබා දීමට කටයුතු සැලසුම් කරමින් තිබේ.  


මෙමගින් ආදාල රාජ්‍යයන්හි සරුසාර ඉඩම් එම රටවල් වල ගොවීන්ට අහිමි වී විදේශ රාජ්‍යන්ගේ පෝෂණ තත්ත්වයන් ඉහළ දැමීම උදෙසා වන අපනයන වගාවන් සඳහා යොදවා ගැනීමට නියමිතය.
2009 ජූලි මස 20 වන දින ශ‍්‍රී ලංකාවේදී එම තවලමට මුල පිරීමක් කුරුණෑගලදී සිදු වන අතර එමගින් අප රටේ සහ කලාපීය වශයෙන් රාජ්‍ය අනුග‍්‍රහය සහිතව සිදුකරන ඉඩම් කොල්ලයට එරෙහි ගොවීන්ගේ විරෝධතාවය ප‍්‍රකාශ කිරීමට නියමිතය.




0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Favorites More