Sunday, September 6, 2009

රජයේ ඉඩම් අක්‌කර දහදාහක්‌ අනවසරයෙන් අත්පත් කර ගෙන

ප්‍රියදර්ශන ලියනගේ (දිවයින 2009 සැප්තැම්බර් 06)

රට පුරා පිහිටි මහා පරිමාණ මධ්‍යම පරිමාණ හා සුළු පරිමාණ වැව් වලට අයත් රක්‍ෂිත ඉඩම් අක්‌කර දහදාහක්‌ පමණ විවිධ පුද්ගලයන් විසින් නීති විරෝධී ලෙස අත්පත් කර ගෙන ඇතැයි ඉඩම් අමාත්‍යාංශය මගින් ගොවි ජනපද ආශ්‍රිතව සිදු කරන ලද සමීක්‍ෂණයක්‌ මගින් අනාවරණය කොට ගෙන ඇත.

මේ සඳහා ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ හා රජයේ නිලධාරීන්ගේ සහයෝගය සෘජු හා වක්‍ර ආකාරයෙන් ලැබී ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජීවන් කුමාරතුංග මහතා "දිවයින ඉරිදා සංග්‍රහයට" පැවසීය.

මෙලෙස වැව් රක්‍ෂිත ප්‍රදේශ විවිධ පුද්ගලයන් විසින් නීති විරෝධී ලෙස අත්පත් කර ගෙන රක්‍ෂිත ප්‍රදේශ තුළ පිහිටි වටිනා ගහකොළ කපා දමා ජල පෝෂක ප්‍රදේශ විනාශ කිරීම නිසා රජ රට ප්‍රදේශය ඇතුළු රට පුරා පිහිටි වැව් ගණනාවක ජල මට්‌ටම විශාල වශයෙන් පහත වැටී ඇත. මේ හේතුවෙන් කෘෂිකර්මාන්තය තම ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කොටගත් ගොවිජනපද තුළ පදිංචි ගොවි පවුල් දහස්‌ ගණනකට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී තිබේ.


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Favorites More