Saturday, July 11, 2009

රජය සතු ඉඩම් අක්‌කර ලක්‍ෂ 15ක්‌ වසර 40 කදී විවිධ පුද්ගලයන් අයිතිකරගෙන

ප්‍රියදර්ශන ලියනගේ (දිවයින, 2009 ජුලි 11)

සංවර්ධන කටයුතු සඳහා රජය වෙන් කළ ඉඩම්ද ඇතුළුව රජය සතුව පැවැති ඉඩම් අක්‌කර ලක්‍ෂ පහළොවක්‌ පමණ පසුගිය දශක හතරක කාලය තුළ නීති විරෝධී ලෙස විවිධ පුද්ගලයන් විසින් අත්පත්කරගෙන ඇතැයි ඉඩම් අමාත්‍යාංශය මගින් දීප ව්‍යාප්තව සිදුකරන ලද සමීක්‍ෂණයක්‌ මගින් අනාවරණය කොටගෙන ඇත.

මෙම ඉඩම් අක්‌කර ලක්‍ෂ පහළොවෙන් ඉඩම් අක්‌කර දශලක්‍ෂයක ප්‍රමාණයක්‌ අත්පත්කරගෙන තිබෙන්නේ 1970 සිට 1988 දක්‌වා වූ කාලය තුළ යෑයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවේ මුළු ඉඩම් ප්‍රමාණය හෙක්‌ටයාර් මිලියන 6.5 පමණ වන අතර ඉන් හෙක්‌ටයාර් මිලියන 5.2 ක්‌ රජයේ ඉඩම් වන අතර ඉතිරි 20% පෞද්ගලික ඉඩම් වේ.

වාණිජ අතින් ඉහළ වටිනාකමක්‌ ඇති රජය සතුව පැවැති මෙම ඉඩම් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම සඳහා දේශපාලනඥයන් ඇතුළු රජයේ නිලධාරීන්ගේ සහයෝගය සෘජු හා වක්‍ර ආකාරයෙන් ලැබී තිබේ.


1 comments:

Pathum said...

හිගුරක්ගොඩ රජයේ ගොවිපල,
පැල්වෙහෙර රජයේ බීජ ගොවිපල,
මහව ගොවිපල.
තලාව ගොවිපල
මේ සේරම ආණ්ඩුව දුන්නෙ CIC එකට.
මේ ඉඩම් ටිකත් අරගන තියෙන්නෙ සල්ලි දීල වුනත් ඒකට නිසි වටිනාකම ගෙවල නෑ.
මේ ටිකත් අයිති රජයට තමා.
මේවත් ආණ්ඩුවට ගන්න ඕනා.
හැබැයි කාගෙහරි බූදලේ වැඩි කරන්න නෙමේ
රටේ ගොවියන්ට යහපතක් කරන්න.

Post a Comment

Twitter Delicious Facebook Digg Favorites More