Wednesday, September 16, 2009

හරිත විප්ලවයේ පියා අභාවප්‍රාප්ත වෙයි

(2009 සැප්තැම්බර් 16) හරිත විප්ලවය යනුවෙන් හැඳින්වෙන්නේ 1960 දශකයේදී කෘත‍්‍රිම පොහොර, පලිබෝධ නාශක හා වැඩිදියුණු කරන ලද භෝග වර්ග මගින් ආහාර නිෂ්පාදනයේ ශීඝ‍්‍ර වර්ධනයක් සිදු කිරීමයි. මෙමගින් 1960 සිට 1990 දක්වා තිස් වසර තුළදී ලොව ආහාර නිෂ්පාදනය දෙගුණ වුණා. අධික ජනගහණය බඩගින්නේ මිය යාමේ අනතුරට මුහුණ දී සිටි ඉන්දියාව සහ පකිස්තානය හරිත විප්ලවයෙන් ඵල නෙළාගෙන සිය රටවල ආහාර නිෂ්පාදනය සිව් ගුණයකින් ඉහළ නංවා ගත්තා. එහෙත් හරිත විප්ලවයේ අහිතකර විපාක ගැන අද තියුණු විවේචන තිබෙනවා.


1996දී ටෙක්සාස්හිදී ගන්නා ලද මෙම ඡායාරූපයේ සෝගම් කරලක් නිරීක්ෂණය කරමින් සිටින නෝමන් බෝර්ලෝග් නම් මෙම විද්‍යාඥයා ලෝකයේ සාගින්න නැති කිරීමට කළ කාර්යභාරය වෙනුවෙන් 1970දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවා. හරිත විප්ලවයේ පියා යන විරුදාවලිය ඔහුට හිමි වෙනවා.


එක්සත් ජනපදයේ අයෝවාහි 1914 මාර්තු 25දා උපත ලද හේ මිනෙසෝටා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. හරිත විප්ලවයේ විශාල වැඩකොටසක් කළ රොකෙෆෙලර් පදනමේ 1944 සිට 1960 දක්වා සේවය කළ ඔහු 1963 සිට ජාත්‍යන්තර තිරිඟු සහ බඩඉරිඟු වැඩිදියුණු කිරීමේ මධ්‍යස්ථානයේ සේවය කර 1979දී එහි ප‍්‍රධානියා ලෙස විශ‍්‍රාම ගියා. පසුව විශ්වවිද්‍යාලවල ඉගැන්වීමේ යෙදී සිටි ඔහු සැප්තැම්බර් 12දා මිය ගියා.


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Favorites More