(2009 සැප්තැම්බර් 26) ඉන්දීය රජයේ සහාය මත බීජ පර්යේෂණ විද්‍යාගාරයක් පිහිටුවීමට අදාළව ඇමැති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුව බීජ පර්යේෂණ විද්‍යාගාරයක් පිහිටුවීමට අදාළ ගිවිසුම ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය අතර සැප්තැම්බර් 24දා අත්සන් කරන බවරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.
ආහාර සුරක්‍ෂිතාවය හා බීජ වර්ග හඳුනාගැනීම මෙම විද්‍යාගාරය මගින් සිදු කිරීමට බලාපොරොත්තු වේ.
මේ සඳහා ඉන්දීය රුපියල් මිලියන 7.5 ක් ලබාදීමට නියමිත බව ද සාක් සහයෝගිතාව යටතේ මෙය ඉදිකෙරෙන බව ද ඇමතිවරයා පැවසීය.
9:58 AM
Ajith

Posted in


0 comments:
Post a Comment