Friday, July 17, 2009

ඉඩම් කොල්ලයට එරෙහි ආසියානු ගොවි තවලම

ආසියානු හා අප‍්‍රිකානු රාජ්‍යන්ගේ කෘෂිකාර්මික ඉඩම් පැහැර ගැනීමට එරෙහිව ආසියානු ගැමි ගොවි සංධානය (APC) මෙහෙයවන ගොවි තවලම මේ වසරේ ජූලි මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා පැවැත්වීමට ඒ ඒ රටවල ගොවීහු සූදානම් වෙමින් සිටිති. 

දුගී රටවල සරුසාර කෘෂිකාර්මික ඉඩම් කොම්පැනි සහ එම රටවල රාජ්‍ය පාලකයන්ගේ සහාය ඇතිව කොල්ලකෑමට දරන උත්සාහය වළක්වා ගැනීම මේ තවලමේ ප‍්‍රධාන අරමුණ වේ. 

දැනටම මේ ව්‍යවසනයට ගොදුරු වී ඇති කාම්බෝජය ඉඩම් හෙක්ටයාර් 100,000 ක් ද, ලා ඕසය ඉඩම් හෙක්ටයාර 100,000 ක් ද, වියට්නාමයට ලබා දීමට යන අතර පිලිපීනයෙන් බහරේන් රාජ්‍යයට කර්මාන්ත ස`දහා දෙන ඉඩම් ප‍්‍රමාණය හෙක්ටයාර් 10,000 කි. කටාර් රාජ්‍යයට ලබා දෙන ඉඩම් ප‍්‍රමාණය හෙක්ටයාර් 10,000 කි.  


මීට අමතරව පිලිපීනය චීනයට හෙක්ටයාර්  මිලියන 1.24 ක් ද ඉන්දුනීසියාව සවුදි අරාබියට ඉඩම් හෙක්ටයාර් 500,000 ක් ලබා දීමට කටයුතු සැලසුම් කරමින් තිබේ.  


මෙමගින් ආදාල රාජ්‍යයන්හි සරුසාර ඉඩම් එම රටවල් වල ගොවීන්ට අහිමි වී විදේශ රාජ්‍යන්ගේ පෝෂණ තත්ත්වයන් ඉහළ දැමීම උදෙසා වන අපනයන වගාවන් සඳහා යොදවා ගැනීමට නියමිතය.
2009 ජූලි මස 20 වන දින ශ‍්‍රී ලංකාවේදී එම තවලමට මුල පිරීමක් කුරුණෑගලදී සිදු වන අතර එමගින් අප රටේ සහ කලාපීය වශයෙන් රාජ්‍ය අනුග‍්‍රහය සහිතව සිදුකරන ඉඩම් කොල්ලයට එරෙහි ගොවීන්ගේ විරෝධතාවය ප‍්‍රකාශ කිරීමට නියමිතය.




Asia wide Peasants Caravan will be commenced in Sri Lanka


At the height of global financial crisis, state terrorism and widespread land grabbing of huge tracts of agricultural land in poor Asian and African nations, the militant Asian Peasant Coalition (APC) and International League of Peoples’  Struggle (ILPS) Commission kicked-off a “Five–month Asia-wide Peasants’ Caravan for Land and Livelihood” that will commence on July 21 and will be held till November 2009 in ten countries in Asia such as Bangladesh, India, Indonesia, Malaysia, Mongolia, Nepal, Pakistan, Philippines, Thailand and Sri Lanka

The theme of the Peasants’ Caravan is “Stop Global Land Grabbing! Struggle for Genuine Agrarian Reform and Peoples’ Food Sovereignty.”

Asia wide Peasants Caravan for Land and Livelihood will commence on 20th of July in Sri Lanka. Launching ceremony which will be hosted by MONLAR and Vikalpani will be held in Peasant Information Center Kurunegala at 10.00 am.
Download Introduction brochure:
http://www.asianpeasant.org/sites/default/files/Brochure%20Asian%20Peasants%20Caravan%20on%20Land%20and%20Livelihoodsl%20_0.pdf
Reblog this post [with Zemanta]


Wednesday, July 15, 2009

Culture Unplugged Video


Monday, July 13, 2009

උතුරේ පුරන් කුඹුරු 5000ක් අස්වද්දනවාලු

(2009 ජුලි 13) උතුරු පළාතේ පුරන්ව ඇති කුඹුරු අක්‌කර 5000 ක්‌ පමණ මේ වසර තුළ නැවත වගා කිරීමට කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවද, මෙම කුඹුරු වගා කිරීම සඳහා අමාත්‍යාංශය රුපියල් මිලියන 75 ක මුදලක්‌ වෙන් කිරීමට සූදානම් වන අතර ගෙවතු වගා වැඩසටහන්, අතිරේක බෝග වගා කිරීම සඳහා ද අවධානය යොමුව තිබෙන බවද එකී අමාත්‍යංශයේ ිලධාරියෙක්‌ පැවසූ බව "දිවයින" වාර්තා කරයි.


Saturday, July 11, 2009

WHO snapshot of world health


Photo: Lynn Maung/IRIN
Nine million children died before age five in 2007, many within the first month of life(file photo)
DAKAR, 10 July 2009 (IRIN) - A newborn in Africa in 2007 would have lived on average 52 years. That baby would have lived an additional 25 years if born in the Americas. Below are highlights from the World Health Organization’s (WHO) World Health Statistics 2009, which compiled the most recent data available from 130 countries. Unless otherwise noted, the below statistics are from 2007.

• The poorest paid 85 percent out-of-pocket for their health care costs in 2006.

• More than 60 percent of medication in low-income countries are only available through the private sector, where the cost is more than six times the international market price.

• Two doctors tended to every 10,000 residents in Africa, while 32 did that same job in Europe.

• There are 112 million underweight children worldwide; nine million died before age five.

• More than half a million women die every year in pregnancy or in childbirth complications, 99 percent of them in developing countries. This rate barely changed from 1990 to 2005, the most recent year for which there is data.

• The maternal mortality rate in Afghanistan and Niger in 2005 was 1,800/100,000 live births; births attended by skilled health personnel in those countries were 14 percent and 18 percent, respectively.

• More than three billion people were at risk of malaria in 2006; 27 countries reported halving malaria infection and/or deaths from 1990 to 2006.

• Thirty-three million people were living with HIV. Less than one-third requiring HIV treatment in Africa are receiving medicines.

• More than one billion were affected by neglected tropical diseases.

• Thirty-six countries reported more than 25 percent of their youths smoked.

• Fifty-four countries reported less than half their populations used safe sanitation facilities.

• People living in Southeast Asia spent US$31 each on health while those in the Americas spent on average more than $2600 each in 2006.

• Forty percent of children’s deaths in Africa occurred within the first 28 days in 2004, most in the first week.
Reblog this post [with Zemanta]


රජය සතු ඉඩම් අක්‌කර ලක්‍ෂ 15ක්‌ වසර 40 කදී විවිධ පුද්ගලයන් අයිතිකරගෙන

ප්‍රියදර්ශන ලියනගේ (දිවයින, 2009 ජුලි 11)

සංවර්ධන කටයුතු සඳහා රජය වෙන් කළ ඉඩම්ද ඇතුළුව රජය සතුව පැවැති ඉඩම් අක්‌කර ලක්‍ෂ පහළොවක්‌ පමණ පසුගිය දශක හතරක කාලය තුළ නීති විරෝධී ලෙස විවිධ පුද්ගලයන් විසින් අත්පත්කරගෙන ඇතැයි ඉඩම් අමාත්‍යාංශය මගින් දීප ව්‍යාප්තව සිදුකරන ලද සමීක්‍ෂණයක්‌ මගින් අනාවරණය කොටගෙන ඇත.

මෙම ඉඩම් අක්‌කර ලක්‍ෂ පහළොවෙන් ඉඩම් අක්‌කර දශලක්‍ෂයක ප්‍රමාණයක්‌ අත්පත්කරගෙන තිබෙන්නේ 1970 සිට 1988 දක්‌වා වූ කාලය තුළ යෑයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවේ මුළු ඉඩම් ප්‍රමාණය හෙක්‌ටයාර් මිලියන 6.5 පමණ වන අතර ඉන් හෙක්‌ටයාර් මිලියන 5.2 ක්‌ රජයේ ඉඩම් වන අතර ඉතිරි 20% පෞද්ගලික ඉඩම් වේ.

වාණිජ අතින් ඉහළ වටිනාකමක්‌ ඇති රජය සතුව පැවැති මෙම ඉඩම් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම සඳහා දේශපාලනඥයන් ඇතුළු රජයේ නිලධාරීන්ගේ සහයෝගය සෘජු හා වක්‍ර ආකාරයෙන් ලැබී තිබේ.


Friday, July 10, 2009

මහවැලි අධිකාරියේ මල්වානේගම ගොවිපළ අක්‌කරය රු.575 බැගින් සමාගමකට බදු දීලා - අනුර කුමාර දිසානායක

අජිත් අලහකෝන් - ලසිත දුමින්ද (දිවයින - 2009 ජුලි 10)

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතුව පැවැති අක්‌කර 175 ක තලාව මල්වානේගම ගොවිපළ අක්‌කරය රු.575 බැගින් වූ මුදලකට පෞද්ගලික සමාගමකට බදු දී ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඉතා ඉහළ වටිනාකමක්‌ සහිත මෙම ගොවිපළේ සරුසාර කුඹුරු ඉඩම් අක්‌කරයක්‌ මෙතරම් අඩු වටිනාකමකට ලබා දීම පිළිබඳව යළි සලකා බැලිය යුතු බවද, ඉඩමට අමතරව එහි ඇති ගොඩනැඟිලි හා යන්ත්‍ර සූත්‍රද අදාළ සමාගමට ලබා දී ඇතැයි ද කී දිසානායක මහතා මෙම ගොවිපළ යළි රජයට පවරා ගන්නැයි ඉල්ලා සිටියේය.

1992 වසරේ අත්සන් කර ඇති මෙම ගිවිසුමේ ඇති කරුණුවලට රජය එකඟ වන්නේ නැතැයි කී කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා වර්තමාන තත්ත්වය අනුව ගතහැකි නීතිමය ක්‍රියා මාර්ග ගත හැකි නම් ඒ කටයුත්ත කරන බවද කීය.

මෙම ගොවිපළ බදු දී ඇත්තේ සියයට දහයක්‌ වාර්ෂිකව වැඩිවන ආකාරයට රුපියල් ලක්‍ෂයක මුදලකට බවද කී ඇමැතිවරයා 2007 වසර දක්‌වා මෙම ගොවිපළෙන් බදු මුදල් වශයෙන් රුපියල් පනස්‌ නව ලක්‍ෂ අනූතුන්දහස්‌ හත්සිය හතළිස්‌ දෙකක්‌ ලැබී ඇතැයි ද කීය.

2002 වසරේදී මෙම ගොවිපළේ වටිනාකම රුපියල් කෝටි 1200 ක්‌ ලෙස තක්‌සේරු කර තිබූ බවද කී ඇමැතිවරයා මෙම ගොවිපළේ ඇති ගොඩනැඟිලිවල වටිනාකම රුපියල් කෝටියක්‌ වශයෙන් තක්‌සේරු කර ඇතැයි ද කීය.


Tuesday, July 7, 2009

උරුම වන භූමි පනත

(දිවයින, 2009 ජුලි 07)
ශ්‍රී ලංකාවේ පරිසරය සුරක්‍ෂිත කිරීම සඳහා පවතින විශාල ප්‍රමාණයක්‌ වූ නීතිරීති මගින් පරිසරයේ ආරක්‍ෂාව වෙනුවෙන් විවිධ පියවරයන් රාශියක්‌ ගෙන තිබේ. එA අතර සමහර ශාක හෝ සතුන් අපනයනය හෝ ආනයනය තහනම් කිරීම, නැතහොත් ආනයනය හෝ අපනයනය සීමා කිරීම, සමහර ශාක හෝ සතුන් මෙන්ම උන්ගේ වාසස්‌ථාන විනාශ කිරීම තහනම් කිරීම, තවත් සමහර සතුන් හෝ සත්ව කොටස්‌ ළඟ තබාගැනීමට බලපත්‍ර නිකුත් කිරීම, ජෛව විවිධත්වයෙන් ඉහළ වටිනාකමක්‌ සහිත ප්‍රදේශ ආරක්‍ෂිත ප්‍රදේශ ලෙස නම් කිරීම මෙම පියවරයන් අතරින් ප්‍රධාන වේ. විශේෂයෙන් මෙවැනි ආරක්‍ෂිත ප්‍රදේශ නම් කිරීම මෙරට දැනට ක්‍රියාත්මක වන පනත් කිහිපයක්‌ මගින් සිදුවන අතර එA අතරින් වැඩිම ආරක්‍ෂිත ප්‍රදේශ සංඛ්‍යාවක්‌ ප්‍රකාශයට පත් කර ඇත්තේ වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂා කිරීමේ ආඥ පනත මගිනි. මෙම පනත් අතරින් අඩුම ආරක්‍ෂිත ප්‍රදේශ සංඛ්‍යාවක්‌ නම් කර ඇති සහ තවමත් නිසි පල නොලබන පනත බවට ඇත්තේ ද 1988 අංක 03 දරණ ජාතික උරුම වන භූමි පනතයි. 1988 දී සම්මත වූ මෙම පනත මගින් ප්‍රකාශයට පත් කළ හැක්‌කේ ජාතික උරුම වන භූමි නමින් හඳුන්වන්නා වූ ප්‍රදේශ පමණක්‌ වන අතර උක්‌ත පනත යටතේ දැනට නම් කර ඇති එකම ජාතික උරුම වන භූමිය වන්නේ සිංහරාජ වනාන්තරය පමණි. එය ජාතික උරුම වන භූමියක්‌ ලෙස නම් කරන ලද්දේ 1988 වසරේදීය. එතැන් පටන් මෙම පනත පනවා වසර විසි එකක්‌ ගෙවී යන මේ මොහොත වන විටත් ඉහතින් සඳහන් කළ සිංහරාජ වනාන්තරයට අමතරව කිසිඳු ආරක්‍ෂිත ප්‍රදේශයක්‌ මේ පනත යටතේ නම් නොකිරීම පිළිබඳ වෙසෙසින් සිතා බැලිය යුතුය.


උක්‌ත පනත යටතේ ජාතික උරුම වන භූමියක්‌ ලෙස ප්‍රකාශයට පත් කිරීමේදී සපුරාලිය යුතු කොන්දේසි පනතේ 2(1) වගන්තිය යටතේ දක්‌වා තිබේ.


(I) අද්විතීය ස්‌වාභාවික ලක්‍ෂණයන්ගෙන් හෙබි පරිසර පද්ධතීන්


(II) ප්‍රවේනි සම්පත් හෝ භෞතික සහ ජෛව විද්‍යාත්මක ආචිතයන්


(III) විද්‍යාවේ හෝ සංරක්‍ෂණයේ දෘෂ්ඨිකෝණයට අනුව කැපී පෙනෙන විශ්ව වටිනාකමකින් යුක්‌ත වූද?


(IV) දුර්ලභවීමේ හා වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින සතුන්ගේ හා ශාකවල වාසභූමි


(V) ස්‌වාභාවික තත්ත්වයන් රැක ගැනීමට අවශ්‍ය ප්‍රදේශ


(VI) ස්‌වාභාවික සෞන්දර්ය වැඩිදියුණු කිරීමේ කාර්ය සඳහා


(VII) ප්‍රවේණි සම්පත් හෝ කැපී පෙනෙන ස්‌වාභාවික ලක්‍ෂණ සහිත ප්‍රදේශ වශයෙනි.


උක්‌ත අවශ්‍යතාවන්ගෙන් එකකට හෝ අදාළ වන යම් ප්‍රදේශයක්‌ ජාතික උරුම වන භූමියක්‌ ලෙස නම් කිරීමට සුදුසුකම් ලබන බව පනතට අනුව පැහැදිලිවේ. මෙහිදී වඩා වැදගත් කොන්දේසියක්‌ වන්නේ එම නම් කරන ප්‍රදේශය රජයේ ඉඩම්වලින් සමන්විත විය යුතු වීමයි. මෙහිදී අදාළ නම් කිරීමට පෙර විෂය භාර අමාත්‍යවරයා විසින් තවත් විෂයන් 07 ක්‌ බාර අමාත්‍යවරුන්ගේ අනුමැතිය ලබාගත යුතුය. එම විෂයන් වන්නේ පරිසර, වනසත්ව, ධීවර, කෘෂිකර්ම, ආරක්‍ෂක, සංස්‌කෘතික කටයුතු හා දේශීය වෛද්‍ය යන විෂයයන්ය. එයින් පසුව එම ප්‍රදේශය දැක්‌වෙන පිඹුරක්‌ මිනුම්පති ලවා සකස්‌ කළ යුතු අතර ඉන් අනතුරුව පනතේ 2(1) වගන්තිය යටතේ එම ප්‍රකාශයට පත් කිරීම ගැසට්‌ පත්‍රයේ පළ කළ හැකිය.


අදාළ ගැසට්‌ නිවේදනය පළ කිරීමෙන් පසුව එම ගැසට්‌ නිවේදනය ජනාධිපතිවරයා විසින් අනුමත කළ යුතුව තිබෙන අතර එයින් අනතුරුව එය පාර්ලිමේන්තුවට යොමු කර ස්‌ථිර කරගත යුතුය. එයින් පසු එය ජනාධිපති විසින් අනුමත කර පාර්ලිමේන්තුව මගින් සම්මත කළ බවට නැවත ගැසට්‌ පත්‍රයේ නිවේදනයක්‌ පළ කළ යුතුය. ජාතික උරුම වන භූමියක්‌ ප්‍රකාශයට පත් කිරීම බලාත්මක වන්නේ මෙම දෙවන ගැසට්‌ නිවේදනය පල කිරීමෙන් අනතුරුවය.


මෙයාකාරයට ප්‍රකාශයට පත් කරනු ලබන ජාතික උරුම වන භූමියකට ඇතුළුවීමට අදාළ ප්‍රතිපාදන පනතේ 3 වැනි වගන්තියේ දක්‌වා තිබේ. එවැනි ඇතුල්වීමක්‌ සඳහා නිසි බලධාරියාගේ අවසරය ලබාගත යුතුය. එවැනි අවසර ලබාදෙන එක්‌ ආකාරයක්‌ වන්නේ කිසියම් නිල කටයුත්තක්‌ සඳහා ඇතුළුවීමට දෙන අවසරය වන අතර දෙවැනි අවස්‌ථාව වන්නේ සතුන් හා වෘක්‍ෂලතා නැරඹීම සඳහා විද්‍යාත්මක අධ්‍යනයක්‌ කරගෙන යැමට දෙනු ලබන අවසරයයි. මේ පනත යටතේ කටයුතු කිරීමට බලය ලබාදෙන නිසි බලධාරියා වන්නේ වන සංරක්‍ෂකවරයා බව පනතේ 07 වැනි වගන්තියේ සඳහන්වේ. උක්‌ත නිසි බලධාරියා ජාතික උරුම වන භූමි පනතින් ලැබී ඇති බලතල ක්‍රියාත්මක කිරීමට අමතරව එම ජාතික උරුම වනභූමි නිරීක්‍ෂණයට, අධ්‍යයනයට හා ආශ්වාදය ලැබීමට උචිත තත්ත්වයට ගෙනඑම සඳහා පහසුකම් වැඩි කිරීමට කටයුතු සම්පාදනය කළ යුතුය.


ජාතික උරුම වන භූමියක්‌ තුළ සිදු කිරීමට තහනම් ක්‍රියාවන් පනතේ 4 වැනි වගන්තිය මගින් දක්‌වා තිබේ.


(I) පැළෑටි හෝ ගස්‌ කැපීම, හානි කිරීම, වෙනත් යමකට පරිවර්තනය කිරීම, ඉරීම හෝ ඉවතට ගෙන යැම.


(II) දැව හෝ වෙනත් වන නිෂ්පාදන එක්‌රැස්‌ කිරීම හෝ ඉවතට ගෙන යැම.


(III) තණකොළ කැපීම හෝ ගවයන්ට තණ කැවීම


(IV) ජලය අපවිත්‍ර කිරීම


(V) කිසියම් ශාකයකට හානි කිරීම, විනාශ කිරීම හෝ ඉවතට ගෙන යැම


(VI) කිසියම් ශාකයක්‌ විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම.


(VII) යම් සතකුට මොනයම් හෝ හානියක්‌ කිරීම


(VIII) යම් සතකු හෝ සතකුගේ කොටසක්‌ විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම


(IX) පක්‍ෂියකුගේ හෝ උරගයකුගේ කූඩුවක්‌ විනාශ කිරීම හෝ බිත්තර ගැනීම හෝ එAවා විනාශ කිරීම.


(X) සතකු කලබලයට පත් කිරීමේ හෝ කලබලයට පත් කිරීමට ඉඩ ඇති ක්‍රියාවක නිරත වීම.


(XI) සතකු බෝවන ස්‌ථානයකට අවහිර කිරීම හෝ අවහිරවීමට ඉඩ ඇති ක්‍රියාවක්‌ සිදු කිරීම.


(XII) සතකුට හෝ ශාකයකට හානි කළ හැකි ද්‍රව්‍යක්‌ සන්තකයේ තබාගැනීම හෝ භාවිතය


(XIII) භූමිය එළිපෙහෙළි කිරීම


(XIV) තාවකාලික හෝ ස්‌ථිර ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීම හෝ එවැන්නක පදිංචිව සිටීම


(XV) මාර්ගයක්‌ තැනීම


(XVI) මායිම් සලකුණුවලට හානි කිරීම, වෙනස්‌ කිරීම හෝ ඉවත් කිරීම.


මෙයට අමතරව යම් ප්‍රදේශයක්‌ ජාතික උරුම වන භූමියක්‌ ලෙස නම් කිරීමෙන් අනතුරුව නිසි බලධාරියා විසින් කඩිනමින් එම ප්‍රදේශය සඳහා සමායෝජිත කළමනාකරණ සැලැස්‌මක්‌ සකස්‌ කළ යුතුය. එම සමායෝජිත කළමනාකරණ සැලැස්‌ම සකස්‌ කළ යුත්තේ පනතේ 10(1) වගන්තියේ දක්‌වා ඇති ආයතන 07 ක සහයෝගය ඇතුවය. එනම්,


(1) වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව


(2) වන ජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව


(3) ධීවර දෙපාර්තමේන්තුව


(4) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව


(5) මධ්‍යම පරිසර අධිකාරිය


(6) සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුව


(7) ආයුර්වේද දෙපාර්තමේන්තුවයි


මෙම ජාතික උරුම වන භූමි පනතේ පවතින අනෙක්‌ විශේෂත්වය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හැර වෙනත් ලිඛිත නීතියකට පටහැනිව කවර හෝ විධිවිධානයක කුමක්‌ සඳහන්ව තිබුණ ද එ සියලු නීති අභිබවා මෙම පනතේ විධිවිධාන බලාත්මක වන බව පනතේ 11 වැනි වගන්තියේ සඳහන්ව තිබේ.


ජාතික උරුම වන භූමි පනතේ පවතින ප්‍රතිපාදන හා නියෝග උල්ලංඝනය කරන අයට එරෙහිව දඬුවම් පනතේ 12 වැනි වගන්තියේ දක්‌වා තිබේ. එ අනුව මෙම පනත යටතේ වරදකරුවකුට රුපියල් 200-20000 දක්‌වා දඩයක්‌ හෝ මාස 06 තෙක්‌ වන සිර දඬුවමකට හෝ ඉහත දඬුවම් දෙකටම යටත් කළ හැකි වේ.


එක්‌ අතකින් බැලීමේදී ජාතික උරුම වන භූමි පනත සුවිශේෂ වැදගත්කමකින් යුත් පනතක්‌ වන අතර අනෙක්‌ පසින් එයටම ආවේණික දුර්වලතා රාශියකින් ද යුක්‌ත බව පෙනී යයි. විශේෂයෙන් මෙම ජාතික උරුම වන භූමි පනත මගින් සුවිශේෂ වූ ජාතික වශයෙන් වැදගත් ප්‍රදේශ ආරක්‍ෂා කිරීම සඳහා පනවා තිබේ. මෙම පනතේ වඩා සුවිශේෂත්වය වන්නේ දැනට පරිසරය සුරැකීම සඳහා පවතින පනත්වල සීමා මායිම් වඩාත් පුළුල් මට්‌ටමකට ගෙන ගොස්‌ තිබීමයි. උදාහරණ වශයෙන් අද්විතීය හෝ කැපී පෙනෙන ස්‌වභාවික ලක්‍ෂණ සහිත ප්‍රදේශ ආරක්‍ෂා කිරීමේ ඉඩකඩක්‌ මෙම පනත මගින් ලබාදී තිබේ. එනම් යම් දිය ඇල්ලක්‌ හෝ සුවිශේෂ භෞතික පිහිටීමක්‌ සහිත ස්‌ථානයක්‌ මෙම පනත මගින් ආරක්‍ෂිත ස්‌ථානයක්‌ බවට පත් කළ හැකිය. නමුත් වර්තමානය දක්‌වා මෙම පනත මගින් එවැනි ප්‍රයෝජනයක්‌ ගෙන නොතිබීම ප්‍රබල අඩුවක්‌ ලෙස පෙන්වා දිය යුතුය.


මෙම පනතේ පවතින අනෙක්‌ ප්‍රධාන දුර්වලතාව වන්නේ ආරක්‍ෂිත ප්‍රදේශයක්‌ ප්‍රකාශයට පත් කිරීම සඳහා දීර්ඝ හා එමෙන්ම සංකීර්ණ ක්‍රියා පටිපාටියකි. මේ නිසා කිසිදු ආරක්‍ෂිත ප්‍රදේශයක්‌ කඩිනමින් ප්‍රකාශ කිරීමට මෙම පනත මගින් අවකාශ නොමැත. උදාහරණ වශයෙන් අනෙකුත් පනත්වලදී ප්‍රකාශිත ආරක්‍ෂිත ප්‍රදේශය ගැසට්‌ නිවේදනයකින් ප්‍රසිද්ධ කළ අවස්‌ථාවේ පටන් බලාත්මක වුවද ජාතික උරුම වනභූමි පනතේදී එය බලාත්මක වන්නේ ජනාධිපති හා පාර්ලිමේන්තුව විසින් අනුමත කළ පසු නිකුත් කරනු ලබන දෙවන ගැසට්‌ නිවේදනයත් සමගිනි. අනෙක්‌ අතට ආරක්‍ෂිත ප්‍රදේශයක්‌ ලෙස කිසියම් ප්‍රදේශයක්‌ නම් කිරීමේදී එයට ලැබෙන ආරක්‍ෂාවේ මට්‌ටම ඉතා වැදගත් බව නොකිවමනාය. ජාතික උරුම වන භූමියක්‌ නම් කිරීමේ කාර්ය පටිපාටිය ඉතාම සංකීර්ණ හා දුෂ්කර කටයුත්තක්‌ වුවද එයට ලැබෙන ආරක්‍ෂාවේ මට්‌ටම බොහෝදුරට සමාන වන්නේ වනසත්ව හා වෘක්‍ෂලතා ආඥපනත යටතේ ප්‍රකාශිත දැඩි රක්‍ෂිතයක්‌ නොවන අනෙකුත් රක්‍ෂිතවල ආරක්‍ෂාවේ මට්‌ටමය. නමුත් ඉහතින් සඳහන් කළ වනසත්ව හා වෘක්‍ෂලතා ආඥ පනත මගින් ජාතික උරුම වන භූමි පනතට සමාන ආරක්‍ෂාවක්‌ ලබාදෙන රක්‍ෂිත නම් කිරීම කල්ගතවන හා සංකීර්ණ ක්‍රියාදාමයකින් තොරව කිරීමේ හැකියාවක්‌ පවතී. මෙම තත්ත්වය මත එක්‌කෝ දැනට මෙම පනතේ පවතින දීර්ඝ හා සංකීර්ණ කාර්ය පටිපාටිය සරල හා කාර්යක්‍ෂම කළ යුතු අතර නැතහොත් ලැබෙන ආරක්‍ෂාවේ මට්‌ටම දැනට පවතින සාමාන්‍ය තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයකට පත් කළ යුතුය. එමෙන්ම ඕනෑම නීතියක්‌ අර්ථවත් වන්නේ සහ කාලීනව වර්ධනය වන්නේ එය නිරන්තරයෙන් භාවිතයට ගැනීමේදීය. නමුත් ජාතික උරුම වනභූමි පනතින් සිංහරාජ වනාන්තරය ජාතික උරුම වනභූමියක්‌ කිරීමෙන් අනතුරුව අද දක්‌වා මේ පනතින් ආරක්‍ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් නොකිරීම ද විශාල දුර්වලතාවක්‌ව පවතී. මේ නිසා ජාතික උරුම වනභූමි පනත වඩා අර්ථවත් කිරීමට මෙන්ම කාර්යක්‍ෂමව ක්‍රියාවේ යෙදවීම සඳහාත් අවශ්‍ය සංශෝධන ඇති කිරීම සඳහා බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතුය.


නීතිඥ නිශාන්ත සමන් කුමාර


Reblog this post [with Zemanta]


Friday, July 3, 2009

කෙසෙල් වවන්න නැගෙනහිර ඉඩම් පෞද්ගලික අංශයට

A banana tree on Banana Island in Luxor, Egypt.Image via Wikipedia

(2009 ජුලි 09) නැඟෙනහිර නවෝදය වැඩපිළිවෙළ යටතේ සංවර්ධනය වන භූමියෙන් අක්කර 15,000ක් කෙසෙල් වගාව සඳහා යෙදවීමටත්, ඉන් අක්කර 10,000ක් පෞද්ගලික සමාගමකට පැවරීමටත් ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප‍්‍රවර්ධන, තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට 2009 ජුලි 02දා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

Reblog this post [with Zemanta]


Thursday, July 2, 2009

ඉවත දමන පොල්කටුවෙන් ඩෙංගු වෙනුවට සක්‍රිය කාබන්

Tiptur Coconut Plantation.Image via Wikipedia
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ඉවත ලන පොල් කටුවලින් සක්‍රීය කාබන් මෙට්‍රික්‌ ටොන් 32000ක්‌ පමණ නිපදවා එමගින් රුපියල් මිලියන 4200ක්‌ පමණ ආදායමක් ඉපැයිය හැකිව තිබෙන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී විරසිංහ මහතා පැවසී යෑයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙයි.
පොල්කටු අඟුරුවලින් සකස්‌ කරන සක්‍රීය කාබන්  ජල පවිත්‍රකාරකයක්‌, රත්රන් නිස්‌සාරකයක්‌, සහ විෂ උරා ගන්නා අමුද්‍රව්‍යයක්‌ වශයෙන් ලෝකයේ බොහෝ රටවල පිළිගැනේ.

ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව සක්‍රීය කාබන් මෙට්‍රික්‌ ටොන් 15000ත් 20000ත් අතර ප්‍රමාණයක්‌ අපනයනය කෙරෙන අතර නිවෙස්වලින් ඉවත දමන පොල්කටු එකතු කිරීමට ක්‍රමයක් ඇතොත් සක්‍රිය කාබන් නිෂ්පාදනය හා අපනයනය තවත් ඉහළ නැංවිය හැකිය.
ශ්‍රී ලංකාවේ සක්‍රීය කාබන් නිපදවන ආයතන 7ක්‌තිබේ.
Reblog this post [with Zemanta]


Twitter Delicious Facebook Digg Favorites More